උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පාසල් පැමිණීම අනිවාර්ය කෙරේ

2023 වර්ෂයේ සිට ඉන් ඉදිරියට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය වී තිබෙනවා.
මීට පෙර අධ්‍යාපන ලේකම්ගේ ED/09/Ads (SA)/7 අංක දරණ 2022.08.12 දිනැති ලිපිය මඟින් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පමණක් 80% පැමිණීම තහවුරු කිරිම අත්‍යාවශ්‍ය නොවන බව දන්වා තිබුණා.
නමුත් 2023 වර්ෂයේ සිට ඉන් ඉදිරියට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව යි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

