උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පාසල් පැමිණීම අනිවාර්ය කෙරේ

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පාසල් පැමිණීම අනිවාර්ය කෙරේ

2023 වර්ෂයේ සිට ඉන් ඉදිරියට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය වී තිබෙනවා.

මීට පෙර අධ්‍යාපන ලේකම්ගේ ED/09/Ads (SA)/7 අංක දරණ 2022.08.12 දිනැති ලිපිය මඟින් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පමණක් 80% පැමිණීම තහවුරු කිරිම අත්‍යාවශ්‍ය නොවන බව දන්වා තිබුණා.

නමුත් 2023 වර්ෂයේ සිට ඉන් ඉදිරියට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව යි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.