දකුණේ සහ ඇල්ලේ රාත්‍රී විදුලි කප්පාදුව නවතී

දකුණු සහ ඇල්ල සංචාරක කලාපය දෙසැම්බර් 1 වැනිදා සිට පැය 1 විනාඩි 20 රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
නමුත් දිවයින පුරා දිවා කාලයේ පැය 1ක සහ රාත්‍රී කාලය තුළ පැය 1යි විනාඩි 20ක විදුලි කප්පාදුව දෙසැම්බර් 15 දක්වා අඛණ්ඩව සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

