ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී රුසියානු කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් මරුට

ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී රුසියානු කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් මරුට

ගාල්ල – උණවටුන ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයක දී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් විදෙස් ජාතික කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අද (01) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ත්‍රීරෝද රථය පැදවූ 62 හැවිරිදි රියදුරු සහ රුසියානු ජාතික කාන්තාවක්.

මෙම කාන්තාව සිය දරුවා පෙර පාසලට යොමු කර යළි පැමිණෙමින් සිටිය දී අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ දී දුම්රිය හරස් මාර්ගයේ සංඥා පද්ධතිය ද අක්‍රිය ව පැවති ඇති බවයි.