දෙවන පාසල් වාරය අදින් අවසන්

දෙවන පාසල් වාරය අදින් අවසන්

2022 වර්ෂයේ පාසල් දෙවන වාරය අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.

2022 වසරේ දෙවන පාසල් වාරය අදින් (01) අවසන් වන අතර තෙවන පාසල් වාරය ලබන 05 වන සඳුදා දිනයේ ආරම්භ කිරීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව හෙට දිනය රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවය.

තුන්වන වාරය ලබන 05 වනදා ආරම්භ වන අතර එය ක්‍රියාත්මක වන්නේ අදියර තුනක් යටතේයි.

ඒ අනුව එහි පළමු අදියර එදින සිට ලබන 22 වනදා දක්වා පාසල් පැවැත්වෙනවා.

23 වනදා සිට ලබන වසරේ ජනවාරි 01 දා දක්වා යළි පාසල් නිවාඩුව ලබාදෙන අතර දෙවන අදියර යටතේ ජනවාරි 02 වනදා සිට 20 වනදා දක්වා යළි පාසල් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ජනවාරි 21 වනදා තුන්වන වාරය සඳහා යළි නිවාඩු දෙන පාසල්, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි 19 වනදා දක්වා නිවාඩු ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

තුන්වන අදියර යටතේ යළි පාසල් ආරම්භ වන්නේ පෙබරවාරි 20 වනදායි.