වනිඳුට අවවාදයක්

පෙරේදා (30) ඇෆ්ගනිස්තානය සමඟ පැවති අවසන් එක්දින තරගයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) චර්යාධර්ම පද්ධතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට අවවාද කර තිබෙනවා.
වනිඳු මේ තරගයේ දී ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය හෙවත් “ජාත්‍යන්තර තරඟයකදී විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම” උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී ඇති අතර, මේ හේතුවෙන් ඔහුට එක් අප්‍රසාද ලකුණක් සහ තරඟ ගාස්තුවෙන් 50%ක උපරිම දඩයක් ද නියම කෙරුණා.
මේ තරගය අතරතුර, හසරංගගේ තෙවැනි ඕවරයේ දී නජිබුල්ලා සද්රන්ගේ කඩුල්ල මුවා කිරීමේ තීන්දුව ප්‍රතික්ෂේප වූයේ මුලින් පිටියේ විනිසුරු විසින් දැවී යාමෙන් සළකුණු කිරීමෙන් පසුවයි.
එම තීරණයෙන් කලකිරුණු වනිදු යෝධ තිරය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිය අපසාදය පළ කළා.
පසුව එමිරේට්ස් ICC තරග තීරක මණ්ඩලයේ රන්ජන් මඩුගල්ල විසින් මේ සම්බන්දයෙන් සිදු කළ විභාගයේ දී හසරංග එම වරද පිළිගත් බැවින් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.
පිටියේ විනිසුරුවන් වන නිතින් මෙනන් සහ ලින්ඩන් හැනිබල්, තුන්වන විනිසුරු රවීන්ද්‍ර විමලසිරි සහ සිවුවැනි විනිසුරු රුචිර පල්ලියගුරුගේ විසින් මෙම චෝදනා එල්ල කර තිබෙනවා.

