තොරතුරු නොදුන් රැකියා නියෝජිත ආයතන 400කට වැඩ වරදී

විදේශ රැකියා නියෝජිත ආයතන 400ක් තහනම් කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
කම්කරු අමාත්‍යාංශ වැයශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.
සංචාරක වීසා හරහා පුද්ගලයන් විදේශගත කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට අපොහෝසත් වීම හේතුවෙන් මෙම රැකියා නියෝජිතායතන තහනම් කළ බවයි ඔහු එහි දී කියා සිටියේ.

