ප්‍රබල පෘතුගාලය පැරද වූ දකුණු කොරියාව සුපිරි 16 දෙනාගේ වටයට

ප්‍රබල පෘතුගාලය පැරද වූ දකුණු කොරියාව සුපිරි 16 දෙනාගේ වටයට

දකුණු කොරියාව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
ඒ ප්‍රබල පෘතුගාලය පරාජය කරමිනි.

දකුණු කොරියාව සහ පෘතුගාලය අතර තරගය පැවැත්වුණේ දෝහා හී එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදීය.

තරගයේ 5 වන විනාඩියේදී පෘතුගාලය පළමු ගෝලය වාර්තා කළේ තරගයට හොඳ ආරම්භයක් ලබා ගනිමිනි.

කෙසේ වෙතත් තරගයේ 27වන විනාඩියේදී ක්‍රියාත්මක වු දකුණු කොරියාව ද ගෝලයක් වාර්තා කළ අතර ඒ අනුව පළමු අර්ධය නිමා වුණේ ගෝල 1 – 1ක් ලෙසය.

දෙවන අර්ධය වඩාත් උණුසුම් වු අතර තරගයේ හිමි වු අතිරේක කාලයේදී දකුණු කොරියාව ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව ඔවුන් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ H කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වෙමිනි.

H කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින පෘතුගාලය ද මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මේ අතර ස්විට්සර්ලන්තය ද සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ සර්බියාවට එරෙහිව පැවැති තරගය ගෝල 3 – 2ක් ලෙස ජය ගැනීමත් සමගිනි.

https://cnn.it/3VQyUfd

COMMENTS