ඕස්ට්‍රේලියාවේ නිවසක කාන්තාවක් ඝාතනය කළ ලාංකිකයෙකු අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාවේ නිවසක කාන්තාවක් ඝාතනය කළ ලාංකිකයෙකු අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ මිනීමැරීමේ චෝදනාවකට බවයි.

මෙම සැකකරුගේ බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියකටයි ඔහු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

මෙල්බර්න් හි පිහිටි සැකකරුගේ නිවසේදී මෙම ඝාතනය සිදු වී ඇති අතර ජීවිතක්ෂයට පත් වූ තැනැත්තිය 44 හැවිරිදි තිදරු මවක්.

අත් අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි අයෙකු බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

COMMENTS