ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව අද (04) සවස 3.45 සිට රාත්‍රී 11.00 වන තෙක් එම නිවේදනය වලංගු වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, දකුණු සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

