කැලණියේ ගින්නක්

කැළණිය – ගල්බොරැල්ල මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික ගොඩනැගිල්ලක පෞද්ගලික රෝහලට අයත් ගබඩා ගොඩනැගිල්ලක අද (05) උදෑසන හදිසියේ ගින්නක් ඇති වී තිබෙනවා.
මේ වනවිට අදාළ ස්ථානයට ගිනි නිවීමේ රථ හා ජල ප්‍රහාරක රථ කැළණිය ප්‍රාදේශීය සභාවෙන් පිටත් කර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.
ගින්න මර්දනයට ගිනි නිවීමේ රථ 06ක් යොදවා තිබෙනවා.
ගින්නට හේතුවක් තවමත් සොයාගෙන නොමැති අතර, ඇතුළත සිදු වූ කාර්මික දෝෂයක් මෙලෙස ගින්න ඇති වන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරනවා.
ගින්නෙන් විශාල දේපල හානියක් සිදුව ඇති මුත්, ජීවිතවලට ඉන් හානියක් සිදුව නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

