ශ්‍රී ලාංකිකයෙක්ව ඇමෙරිකානු පොලිසිය වෙඩි තබා ඝාතනය කරලා

ශ්‍රී ලාංකිකයෙක්ව ඇමෙරිකානු පොලිසිය වෙඩි තබා ඝාතනය කරලා

ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ, ඔස්ටින් නගරයේ පොලිස් නිලධාරියෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලෙයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ, 33 හැවිරිදි “රාජ්” හෙවත් රාජන් මුණසිංහ නමැති තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙකි.

නොවැම්බර් මස 15 වන දින අලුයම 12.30ට අදාළ වෙඩි තැබීම සිදු වී ඇත්තේ, රාජ් මුණසිංහ සංචාරයක් නිම කර සිය නිවස වෙත පැමිණ සිටි අවස්ථාවේදී ය.

එදින මාධ්‍ය රාත්‍රියේ සිය නිවසේ සොරකමක් සිදුවනු ඇතැයි සැක සිතී ඔහු රයිෆලයක් ද අතැතිව නිවසේ ඉදිරිපස දොරෙන් ආලින්දයට පැමිණ ඇත.

එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ ඇති ඔස්ටින් පොලිස් නිලධාරියෙකු එකවර ම රාජ් අත තිබූ තුවක්කුව බිම දමන ලෙස අණ කරමින් ඔහුට වෙඩි තැබූ බව රාජ්ගේ ඥාතීන් අමෙරිකානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ආයුධය බිම හෙළීමට සාධාරණ කාලයක් ලබා දීමට පෙර රාජ් මුණසිංහ මෙතරම් ඉක්මනින් “මරා දැමුවේ” මන්දැයි ඔස්ටින් පොලිසියෙන් ඔහුගේ ඥාතීන් ප්‍රශ්න කර ඇත.

ආරක්ෂාව සඳහා රාජ් රයිෆලයක් ලබා ගෙන තිබුණු බව ත් මෑත කාලයේ එම ප්‍රදේශයේ අපරාධ සිදු වූ බව ත් රාජන්ගේ සහෝදරයා ප්‍රකාශ කර තිබේ.

රාජන් මුණසිංහ හට වෙඩි තබා ඇත්තේ ඩැනියෙල් සැන්චෙස් නැමැති පොලිස් නිලධාරියා බවත් ඔහු මේවන විටත් අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ඔස්ටින් පොලිසිය පැවසන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

https://nbcnews.to/3BcNlSW

COMMENTS