අදත් වැසි දවසක්

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ව පවතින අඩු පීඩන කලාපය දෙසැම්බර් මස 06 වැනි දින වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම තත්ත්වය බටහිරට බර ව වයඹ දෙසට ගමන් කරමින් (ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්න ව ගමන් කරමින්) ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වී නිරිත දිග බෙංගාල බොක්ක හරහා දෙසැම්බර් 08 වැනි දා වන විට තමිල්නාඩු වෙරල තීරයට ළඟා වීමට නියමිත බව සඳහන්.
එම පද්ධතියේ බලපෑමෙන් දෙසැම්බර් මස 07 සහ 08 යන දිනවල දී උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව යි වාර්තා වන්නේ.
මේ අතර, අද (06) දිනයේ දී නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව නිවේදනය කරනවා.
සබරගමුව පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති

