කැසිනෝ නියාමන පනත දැඩි කොන්දේසි මත සම්මත කරයි

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත දැඩි කොන්දේසි මත සම්මත කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
2023 සැප්තැම්බර් 30 වන දා වන විට රට තුළ කැසිනෝ නියාමනය කිරීම සඳහා කැසිනෝ නියාමන ආයතනයක් පිහහිට වන බවට දුන් පොරොන්දුව මත රජයේ අවශ්‍යතාව සඳහා මේ සඳහා අනමැතිය ලබා දී ඇති බව හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
හැබැයි කතානායකතුමනි, මම ඒක සභාගත කරනවා. හැන්සාඩ්ගත කරන්න කියලා. අපි අත්සන් කරලා අරගෙන තියෙනවා. අපි දිගින් දිග ම හැම මාසයක ම මොවුන්ව නිරීක්ෂණය කරලා බලනවා. මේ අය මේක කරනවා ද කියලා. මේ පොරොන්දුව ඒ ආකාරයෙන් ම ඉටු වෙන්න ඕන කියන එක ඉතා ම වගකීමෙන් කියනවා. ව්‍යවස්ථාවේ 148 යටතේ පාර්ලිමේන්තුවට තමා බලය තියෙන්නේ, ඒ බලය යටතේ අපි ඔවුන්ගෙන් අත්සන් ඇතිව ලේඛනයක් ලබාගෙන තියෙනවා. ඒක ක්‍රියාත්මක විය යුතුමයි.” යනුවෙන්

