රාත්රියේ ධාවනය වන දුම්රිය දෙකක් හදිසියේ අවලංගු කෙරේ

අද (08) දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය දෙකම අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන්.

