සතොස භාණ්ඩ තුනක මිල බස්සයි

අද (9) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් ද, ලොකු ළූණු රුපියල් 16 කින් ද, ග්‍රෑම් 425ක ටින් මාළු ටින් එකක මිල රුපියල් 35 කින් ද අඩු කොට තිබෙනවා.
ඒ අනුව කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක නව මිල සටහන් වන්නේ රුපියල් 215ක් ලෙස වන අතර, ලොකු ළුණු කිලෝවක නව මිල සටහන් වන්නේ රුපියල් 199ක් ලෙසයි.
එසේම ග්‍රෑම් 425ක ටින් මාළු ටින් එකක නව මිල රුපියල් 495ක් ලෙස ද පහත වැටී තිබෙනවා.

