සහල් ආනයනය නතර කිරීමේ තීරණයක්

සහල් ආනයනය නතර කිරීමේ තීරණයක්

සහල් ආනයනය නතර කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ තමන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපයේදී නිකුත් කරනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ය.

මේ වනවිට යළ කන්නයේ සහල් නිෂ්පාදන වෙළඳපොලට ලැබෙමින් පවතින අතර දේශීය සහල් සඳහා නිසි මිලක් නොලැබීමට ආනයනික සහල් හේතුවී ඇති බව පසුගිය කාලයේ සහල් මෝල් හිමියෝ ප්‍රකාශ කළහ.

COMMENTS