පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපතිට ප්‍රහාරයක්

පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපතිට ප්‍රහාරයක්

පහරදීමක් හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා හා ඔහුගේ පුත්‍රයා රෝහල් ගතකර තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, මහාචාර්යවරයාගේ පුත්‍රයා පැදවූ මෝටර් රථයක ඊයේ (10) රාත්‍රියේ යතුරු පැදියක් ගැටී ඇති බවයි.

ඉන් අනතුරුව ඇති වූ ආරවුල දුරදිග යාමෙන් පසු විශ්වවිද්‍යාල සිසුන් 300ක පමණ පිරිසක් අතුල සේනාරත්න රැඳී සිටි විශ්වවිද්‍යාල නිල නිවස ද වටලා පහර දී අලාභහානි සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුව පේරාදෙණිය පොලීසිය එම ස්ථානයට පැමිණ ගැටුම සමතයට පත්කර පිරිස විසුරුවා හැර තිබුණා.

පහරකෑමෙන් තුවාල ලැබූ අතුල සේනාරත්න ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ පුත්‍රයා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ

පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

COMMENTS