සියලු පාසල් හෙට යළි විවෘත කෙරේ

සියලු පාසල් හෙට යළි විවෘත කෙරේ

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිකුරාදා වසා දැමුණු දිවයින පුරා ඇති සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (12) යළි විවෘත කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර් පවසනවා.

එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වසා දැමුණු සියලුම කතෝලික පාසල් ද හෙට (12) යළි විවෘත කෙරෙන බව වාර්තා වෙනවා.