තක්කඩි ආණ්ඩුව ඉස්සරහ දණ ගහන්නේ නෑ – වසන්ත මුදලිගේ

තක්කඩි ආණ්ඩුව ඉස්සරහ දණ ගහන්නේ නෑ – වසන්ත මුදලිගේ

“රටේ මිනිසුන්ගෙ ප්‍රශ්න කතා කරන එකට කියන්නේ ත්‍රස්තවාදය කියලා නම්, අපි ලෑස්තියි තව අවුරුදු ගාණක් හිරේ ඉන්න” යනුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත ව සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (12) මාධ්‍ය හමුවේ කියා සිටියා

ඔහු මේ බව කියා සිටියේ අද අධිකරණය හමුවට පැමිණි අවස්ථාවේ,

ඔහු අද (12) අධිකරණයට රැගෙනවිත් තිබුණේ, බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ යි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත ව සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවා තැබුණා.

පසු ව ඔවුන් දෙදෙනා අධිකරණයකට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, ගල්වැව සිරිධම්ම හිමි ඇප ලබා නිදහස් වුණා.

වසන්ත මුදලිගේට ඇප ලැබුණු නමුත් තවත් විමර්ශන කිහිපයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඊට අදාළ නඩු දිනය යටතේ යි අද ඔහු ව අධිකරණයට රැගෙනවිත් තිබුණේ.

උසාවියෙන් පිට වී බන්ධනාගර බස් රථයෙන් පිට ව යන අවස්ථාවේ දී අන්තර් විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, කිසිදු මොහොතක තක්කඩි ආණ්ඩු ඉදිරියේ දණ ගැසීමට සූදානම් නො වන බව යි.

”රටේ මිනිසුන්ගෙ ප්‍රශ්න කතා කරන එකට කියන්නෙ ත්‍රස්තවාදය කියලා නම් අපි ලෑස්තියි තව අවුරුදු ගාණක් හිරේ ඉන්න. හැබැයි තක්කඩි ආණ්ඩු ඉස්සරහ දණ ගහන්නේ නෑ” යනුවෙන් වසන්ත මුදලිගේ වැඩි දුරටත් සඳහන් කළා.

COMMENTS