වසර දෙකකට පසු යාපනය – චෙන්නායි ගුවන් ගමන් යළි ඇරඹේ

වසර දෙකකට පසු යාපනය – චෙන්නායි ගුවන් ගමන් යළි ඇරඹේ

යාපනය සහ ඉන්දියාවේ චෙන්නායි අතර අද (12) සිට යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

ඒ, 2019 වසරේ දී කොරෝනා ව්‍යාප්තියත් සමඟ එම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා වසර 2කට පසුවයි.

ඒ අනුව චෙන්නායි ගුවන්තොටුපලේ සිට මගීන් රැගත් පළමු යානය පෙරවරු 10යි 50ට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟාවීමට නියමත බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ.

එම යානය පෙරවරු 11යි 50ට යලි චෙන්නායි බලා පිටත්ව යාමට නියමිතයි.

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

COMMENTS