ලෝක පාපන්දු කුසලානයේ තීරණාත්මක අවසන් පූර්ව තරඟයට තව පැය කිහිපයයි

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තීරණාත්මක පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 1.00ට ආරම්භ වේ.
තරඟය පැවැත්වෙන්නේ, ආර්ජන්ටිනාව සහ ක්‍රොඒෂියාව අතර ය.
ආර්ජන්ටිනා කණ්ඩායමේ ලියනෝල් මෙසී පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇති අතර ඔහුට මෙම තරගය අතිශයින් වැදගත් තරඟයකි.
පාපන්දු වීරයින් වූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නියෝජනය කළ පෘතුගාලයත්, නෙයිමාර් නියෝජනය කළ ප්‍රබල බ්‍රසීල කණ්ඩායමත් මෙවර තරගාවලියෙන් ඉවත් වූයේ, නොසිතූ විරූ ලෙස ය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ප්‍රංශය සහ මොරොක්කෝව අතර ශ්‍රී ලංකා වේලාවෙන් 15 වන දා අලුයම 1.00ට ආරම්භ වීමට නියමිතය.

