මෙසී ප්රමුඛ ආජන්ටිනාව අවසන් සටනට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබාගැනීමට ප්‍රබල ආජන්ටීනියානුව සමත් වුණා.
ඒ, අද (14) පැවති අවසන් පූර්ව තරගයෙන් ක්‍රොඒෂියා ව ගෝල 3ට 0ක් ලෙස පරාජයට කරමින්.
සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ආජන්ටිනාව වෙනුවෙන් මෙම තරඟයේ දී ද ගෝලයක් වාර්තා කළා.
තරඟයේ 34 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කරගනිමිනු යි මෙසී එම ගෝලය වාර්තා කළේ.
පසු ව ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් Julián Álvarez දෙවැනි ගෝලය වාර්තා කළ අතර, ක්‍රොඒෂියා දැල් රකින්නාට ගෝලය රැක ගැනීමට හැකියාව ලැබුණේ නෑ.
තරගයේ පළමු අර්ධය අවසන් වුණේ, ගෝල 2ට 0ක් ලෙස ආජන්ටිනාව පෙරමුණේ පසු වෙමින්.
තරගයේ දෙවැනි අර්ධයේ දී ද නැවතත් ක්‍රියාත්මක වූ ආජන්ටිනාව, තරගයේ 69 වැනි මිනිත්තුවේ දී තුන් වැනි ගෝලයත් වාර්තා කළා.
ඒ අනුව මෙසී ප්රමුඛ ආජන්ටිනාව අවසන් තරඟයට සුදුසුකම් ලබා ගත්තා

