ඩයනාගේ රට ගමන් තහනම දින 5කට ඉවත් කෙරේ

ඩයනාගේ රට ගමන් තහනම දින 5කට ඉවත් කෙරේ

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම දින 5 ක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර තිබේ.

ඒ, ආගමන විගමන පාලකවරයාට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුව අද කැඳ වූ අවස්ථාවේදීය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ, රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල සවිස්තර වාර්තාවක් ලබන ජනවාරි 05 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

COMMENTS