5 දක්ෂයින් තෝරන විභාගය අදයි

2022 වසරට අදාළව පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (18) පෙරවරුවේ දී ආරම්භ වීමට නියමිතයි.
අද පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2894ක දී, අපේක්ෂකයින් 334,698 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 9.30ට ආරම්භ වනු ඇති.
මෙවර විභාගයේ දී විභාගය පැවැත්වීමේ ක්‍රමවේදය කිසියම් වෙනසක් ද සිදු කර තිබෙනවා.
ඒ අනුව සිසුන් හට සිය ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයට පළමුවෙන් ම පිළිතුරු සැපයීමට අවස්ථාව උදාවන අතර, පළමු ප්‍රශ්න පත්‍රය හිමිවන්නේ දෙවැනුවයි.
පෙර වසරවල මෙන් මෙවර සිසුන් කිසිවෙකුටත් විභාග ප්‍රවේශපත් හිමිගැන්වීමක් සිදු නොවුණු බවත්, විභාගය ආරම්භයේ දී පැමිණෙන සියලු ශිෂ්‍යයින්ගෙන් අත්සන පමණක් විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනුමට කටයුතු සම්පාදනය කර තිබීමත් විශේෂත්වයක්.

