නත්තලට ගමට යන්න විශේෂ දුම්රිය සේවා

නත්තල උත්සවය සහ නව වසර උදාවත් සමඟ ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
සාමාන්‍ය දුරගමන් දුම්රිය සේවාවන්ට අමතරව මෙම දුම්රිය ධාවනයට යොදවන බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න සඳහන් කළේ.
ඒ අනුව හෙට සිට ලබන 27 වනදා තෙක් මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.
හෙට පස්වරු 07 යි 20 ට කොළඹ කොටුවේ සිට බදුල්ල බලා විශේෂ දුම්රියක් ධාවනයට සැලසුම්කර ඇති අතර 24 වනදා සහ 26 වනදා පෙරවරු 7.10 ටද බදුල්ල බලා විශේෂ දුම්රිය දෙකක් ධාවනය කෙරෙනවා.
එමෙන්ම බදුල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණීමට 25 වනදා පෙරවරු 07.30 ට සහ පස්වරු 07.30 ට දුම්රිය දෙකක් යොදවා තිබෙනවා.
කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ද විශේෂ දුම්රිය දෙකක් 23 වනදා සහ 26 වනදා ධාවනයට යොදවා ඇති බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.


