බස්නාහිර දරුවන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකුණූ 47ක් පොලිස් දැලේ

බස්නාහිර දරුවන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකුණූ 47ක් පොලිස් දැලේ

බස්නාහිර පළාතේ පාසල් 149 ක් ආවරණය වන පරිදි ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුමකදී ඒ අවට මත්ද්‍රව්‍ය සහ මත්පෙති අලෙවි කළ පුද්ගලයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 630 ක්, අයිස් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 38 ක්, ගංජා ග්‍රෑම් 207 යි මිලිග්‍රෑම් 590 ක් සහ මාවා නැමති මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 260 ක් මෙහිදී සොයාගෙන තිබුණා.

ඊට අමතරව මෙම මෙහෙයුමේදී ගංජා ළඟ තබාගැනීමේ වරදට අවුරුදු 17 ක පිරිමි දරුවෙක් මිරිහාන පොලිස් වසමේ ප්‍රසිද්ධ පාසලක් අසළ දී අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියා සිටියේ.