පවතින ගල් අඟුරු තොග ජනවාරි 8 වැනිදා දක්වා ප්‍රමාණවත් – ලංවිම

පවතින ගල් අඟුරු තොග ජනවාරි 8 වැනිදා දක්වා ප්‍රමාණවත් – ලංවිම

පවතින ගල් අඟුරු තොග නොරොච්චෝලේ බලාගාරයේ දැනට ක්‍රියාත්මක ජනන යන්ත්‍ර දෙක සඳහා ජනවාරි මස 8 වැනිදා දක්වා ප්‍රමාණවත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න අද (27) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ ජනවාරි මාසයේ දී ගල් අඟුරු නෞකා 6ක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි.

සාමාන්‍යයෙන් එක් ගල් අඟුරු නෞකාවක් යොදා ගනිමින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම පූර්ණ ධාරිතාවයෙන් දින 10ක් ක්‍රියාත්මක කළ හැකි බව ද ඔහු පැවසුවා.

COMMENTS