මයුරී පින්නවලට සමුදෙයි

මයුරී පින්නවලට සමුදෙයි

හදිසි හෘදයාබාධමය තත්ත්වයක් හේතුවෙන් පින්නවල අලි අනාථාගාරයේ සිටි මයුරී නමැති ඇතින්න මියගොස් ඇති බව වාර්තා වෙනවා.

වයස අවුරුදු තිස් හතක් වන මෙම ඇතින්න මෙලෙස මිය ගොස් ඇත්තේ අද (27) සවස 2.30ට පමණ. වෛද්‍යවරුන් කෙනෙරගේ ජිවිතය බෙරා ගැනිමට දැඩි වෙහෙසක් දරා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ඇතින්න ගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද සවස සිදු කිරීමට නියමිතයි.