ඩුබායි සුද්දා අත්අඩංගුවට

ඩුබායි සුද්දා හෙවත් රන්කැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා කියා සිටියේ, විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ 37 වැනි වගන්තිය උල්ලංඝණය කිරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
නීති විරෝධී ව පුද්ගලයන් විදෙස් ගත කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එරෙහි ව එල්ල වී තිබූ බව ද ඔහු සඳහන් කළා.
අත්අඩංගුවට ගත් ඩුබායි සුද්දා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

