අලුත් අවුරුද්දට සහන මිලට බිත්තර

අලුත් අවුරුද්දට සහන මිලට බිත්තර

ලබන වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වන විට බිත්තරයක් රුපියල් 35ත්, 40ත් අතර මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක පවසනවා.

ඔහු කියා සිටියේ, බිත්තරයක් මිල දී ගැනීමට නො හැකි දිලිඳු පුද්ගලයන්ට නොමිලේ බිත්තර ලබාදීමට ද සංගමය සූදානම් බව යි.

මේ අතර බිත්තරයක් රුපියල් 55ක මිලකට ම දිවයින පුරාම අලෙවි කළ යුතු බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ, සභාපති වෛද්‍ය චමල් සංජීව පවසනවා.

කොළඹ ඊයේ (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, බස්නාහිර පළාතට පමණක් මෙම වැඩසටහන මූලික නො විය යුතු බව යි.

මේ අතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් බිත්තර අලෙවි කිරීම ඊයේ ආරම්භ කෙරුණා.