සහරාන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගල‍යකු අල්ලයි

සහරාන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගල‍යකු අල්ලයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගල‍යකු ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මඟින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සාමාජිකයකු බව යි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර, ඔක්තෝබර් 23 වැනි දා තමිල්නාඩුවේ සිදු වූ පිපිරීමේ සැකකරුවන් සමඟ මොහු සමීප සබඳතා පවත්වා ඇති බව ද සඳහන්.

තමිල්නාඩුවේ මුස්ලිම්වරුන් අන්තවාදයට යොමු කිරීම වෙනුවෙන් සහරාන් හෂීම් විශාල කාර්යභාරයක් සිදු කර තිබේ.

ඉන්දීය ජාතික විමර්ශන ආයතනය කේරළයේ අධිකරණ රැසක් වෙත ඉදිරිපත් කළ වාර්තාවක් අනුව මෙය තහවුරු වී තිබේ.