යන අයගේ තැනට අලුත් අය

අග්‍රාමාත්‍ය ලේකම් කමිටුවේ නිර්දේශ මත විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ පුරප්පාඩු සඳහා නිලධාරින් බඳවා ගනු ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසුවේ සංස්ථා හා දෙපාර්තමේන්තුවල රාජ්‍ය සේවකයින් 30,000ක් අද දිනයේ විශ්‍රාම යාමට නියමිත බවයි.
අවුරුදු 60 සම්පූර්ණ වන රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාම හමුවේ රාජ්‍ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා වන තීන්දු තීරණ ගැනීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පසුගියදා පත්කෙරුණා.
එහිදී සීමිත නව බඳවා ගැනීම් සිදුකිරීමට අවශ්‍යව ඇත්නම් එම බඳවා ගැනීම් සඳහා වූ නිර්දේශ අදාළ කමිටුව විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට භාරදීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

