දුම්රිය ස්ථානාධිපතිවරු ලබන 9 වෙනිදා බලය පෙන්වයි

දුම්රිය ස්ථානාධිපතිවරු ලබන 9 වෙනිදා බලය පෙන්වයි

2013 වර්ෂයෙන් පසු බඳවාගත් නව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පත්වීම් ස්ථිර නොකිරීම ඇතුලු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ලබන 9 වනදා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සංකේතාත්මක වර්ජනයක් කිරිමට සූදානම් වෙනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මේ බව කියා සිටියා.