ජාති ආගම් භේදයකින් තොරව ශ්‍රී ලාංකික ජනතාව නව වසර පිළිගනී

ජාති සහ ආගම් භේදයකින් තොරව දිවයින පුරා සියලුම ජනතාව සිය ආගමික ස්ථාන වෙත ගොස් නව වසර පිළිගෙන තිබුණා.
අනුරාධපුරය අටමස්ථානය, මහනුවර ශ්‍රී දළඳා මාලිගාව, කතරගම කිරිවෙහෙර, ඇතුළු දිවයින පුරා ආගමික ස්ථාන වෙත අද අලුයම් කාලයේ සිට ජනතාව පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර, මීගමුව, හලාවත, හැටන්, ආදී ප්‍රදේශ ඇතුළු දිවයින පුරා කිතුනු බැතිමතුන් ද ඊයේ මධ්‍යම රාත්‍රියේ දේවස්ථානවලට පැමිණ නව වසර පිළිගැනීම සඳහා දේව මෙහෙයන් සඳහා සහභාගි වී තිබේ.
දිවයින පුරා සිටින මුස්ලිම් ජනයා සහ හින්දු ජනාතාව ද ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් නව වසර පිළිගැනීමට එක්වූ බවයි වාර්තා වෙන්නේ.

