කතරගම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරක – 15ක් රෝහලේ

කතරගම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරක – 15ක් රෝහලේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරෙන් 15 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 88 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරට ලක්ව ඇත්තේ වන්දනාකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි බස් රථයකි.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළකරයි.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ මාර්ගයෙන් ඉවතට පැන ධාවනය වූ බස් රථය මීටර් 100කට ආසන්න දුරක් ගමන්කර ප්‍රපාතයකට පෙරළී ඇති බවය.

COMMENTS