රටින් බිත්තර ගෙනාවොත් කුරුළු උණත් එන්න පුළුවන්

විධිමත් වැඩපිළිවෙළක් නොමැතිව බිත්තර හිතුමතේ අනායනය කිරීමෙන් “ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා” (Avian influenza) නමැති රෝගය මෙරටට පැමිණියහොත් ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදු වන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි ප්‍රකාශ කර සිටියේ, එලෙස හිතුමතේට අනායනය කළහොත් මෙම කර්මාන්තය කඩා වැටෙන බව ය.
බිත්තර අනායනය කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසත් මෙහිදී සභාපතිවරයා අවධාරණය කළේ ය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ පැවසීය.
“මේ හදිස්සියේ බිත්තර ආනයන කරලා මේ නිෂ්පාදනය වියදමට වඩා අඩුවෙන් වෙළෙඳපළට ඉදිරිපත් කළොත් අපේ කර්මාන්තය කඩා වැටෙනවා. අපි දන්නවා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් පෞද්ගලික අංශයත් විශාල මෙහෙයක් කරලා, ලෝකයේ හොඳ ම තාක්ෂණික මට්ටම දක්වා ආපූ බිත්තර හා කුකුළු මස් කර්මාන්තයක් අපේ රටේ තිබුණා. මෑත කාලයේදී තමා ආර්ථික අර්බුදයත් එක්ක කඩා වැටෙන්න් හේතු වුණේ.
මේ කර්මාන්තය එක්ක සෘජු හා වක්‍රව රැකියා කරන විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ වෙලාවේදී මේ කර්මාන්තය රැක ගන්න අවශ්‍ය කටයුතු කරන්න ඕන. ඒ වගේ ම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විශාල කාර්යභාරයක් කරලා ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා කියන රෝගය ශ්‍රී ලංකාවට එන්න දෙන්නේ නැතිව ආරක්ෂා කරගෙන ඉන්නවා.
පශු වෛද්‍යවරු, පශු විමර්ශන නිලධාරීන්, පසු පර්යේෂණ ආයතනය යන මේ සියලුදෙනා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එකතුවෙලා ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය එන්න නොදී වළක්වා ගෙන ඉන්නවා. මේ රටට ඔය වගේ රෝගයක් ආවොත් ඉතා ම ගැටලු සහගත තත්ත්වයට පත්වෙනවා. අපේ මේ කුකුළු කර්මාන්තය බිඳ වැටෙනවා” යනුවෙන්

