ඩුබායි ගිය හිටපු ජනපති නිවාඩුවක (Photos)

පසුගිය දා දිවයිනෙන් බැහැරව ගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාඩුවක් ගත කරමින් සිටින බව වාර්තා වනවා.
එහි දී හිටපු ජනාධිපතිවරයා Saif Belhasa සමග Fame Park හි සිය නිවාඩුව ගත කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් තිබෙනවා.
කෙසේ වෙතත් නිවාඩුවක් ගතකිරීම සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) යළි දිවයිනට පැමිණ තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 26 වැනිදා සිය බිරිඳ සමග ඩුබායි රාජ්‍යය කරා පිටව ගොස් තිබිණා.
එම සංචාරයෙන් පසුවයි ඔහු මෙලෙස යළි දිවයිනට පැමිණ ඇත්තේ.
(එම ඡායාරූප පහතින්)









