ශ්රී ලංකාවේ නිල සංචිත 5%කින් වැඩි වෙලා

ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් 2022 වසරේ නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 1,806ක් වූ බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
එමෙන්ම, 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්රමාණය ඩොලර් මිලියන 1,896ක්.
ඒ අනුව, 2022 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ දී ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් 5%කින් වැඩි වී තිබෙනවා.

