ව්‍යාජ දළඳා මාලිගාවට ජනපති මැදිහත් වෙයි

කුරුණෑගල, පොතුහැර ව්‍යාජ දළඳා මාලිගාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් කඩිනමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
අදාල ව්‍යාජ දළඳා මාලිගාව සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේ ජනාධිපතිවරයාව දැනුවත් කළා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් අදාළ උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

