පාසල් දරුවන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය විකුණූ 55ක් අල්ලයි

පාසල් දරුවන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය විකුණූ 55ක් අල්ලයි

බස්නාහිර පළාතේ පාසල් ළමුන් ඉලක්ක කරගෙන විවිධ මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, පාසල් 149ක් ආවරණය වන පරිදි ඊයේ(06) දින පස්වරු 1.00 සිට 3.00 දක්වා කාලය තුළදී විශේෂ මෙහෙයුමක් සිදු කළ බවයි.

එහිදී සැකකරුවන් සතුව තිබී අයිස් ගෑම් 9 යි, මිලිග්‍රෑම් 980 ක්, හෙරොයින් ග්‍රෑම් 16 යි, මිලිග්‍රෑම් 420 ක්,මත්පෙති 20 ක්, බාබුල් ග්‍රෑම් 14 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS