තවත් සුපිරි පාපන්දු තරුවක් ජිවිතයට සමුදෙයි

ලොව ප්‍රබල පාන්දු කණ්ඩායමක් වන චෙල්සිහි හිටපු කළමනාකරු ගියන්ලුකා වියාලි (Gianluca Vialli) මිය ගොස් තිබෙනවා.
මිය යන විට 58 වැනි වියෙහි පසු වූ වියාලි 2018 වසරේ සිට අග්න්‍යාශ පිළිකාවක් සමඟ සටන් වදිමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය දෙසැම්බර්යේ සිය මව සහ සහෝදරයා සමඟ ඔහු ඉතාලියේ සිට එක්සත් රාජධානියට ගොස් ඇත්තේ ඔහුගේ සෞඛ්‍යය තත්ත්වය පිරිහෙමින් තිබූ පසු බිමක බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සාර්ථක ක්‍රීඩා දිවියක් ගත කළ වියාලි ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු Stamford Bridge කණ්ඩායමේ හි කළමනාකරු ලෙස කටයුතු කර තිබෙනවා.
ක්‍රීඩකයෙක් ලෙස 1996 දී චෙල්සි කණ්ඩායම හා එක් වූ වියාලි 1999 දී එම කණ්ඩායම වෙනුවෙන් ම පිටියේ ඩග්අවුටයේ පූර්ණ කාලීන අසුනක් වෙන් කර ගන්නා තුරු වසර තුනක් තුළ ප්‍රබල චෙල්සි පිළ වෙත ගෝල 21ක් රැස්කරගෙන තිබෙනවා.
කෙසේ නමුත් 1998 පෙබරවාරියේ දී චෙල්සිය වෙතින් කළමණාකාර ධුරයෙන් Ruud Gullit නෙරපා හැරීමෙන් පසුව, Vialli ප්‍රිමියර් ලීගය කළමනාකරණය කළ පළමු ඉතාලි ක්‍රීඩකයා බවට පත් වුණා.


