මුල්‍ය ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීම ජයග්‍රහණයට තිබෙන හොඳම මාවතයි

ජයග්‍රහණයට තිබෙන හොඳ ම මාවත මුල්‍ය ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීම බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඔරොත්තු දෙන වර්ධනය සඳහා දකුණු ආසියාවේ මාවත නමින් ඉන්දියාවේ නවදිල්ලිහි පැවති සාකච්ඡාවක් අමතමින්.
එහි දී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ,
“යටිතල පහසුකම් සහ දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව කියන කාරණා දෙක සම්බන්ධයෙන් ඇති ගෙවීම් සියල්ල නිම කළ යුතුයි. ඒ වගේම යටිතල පහසුකම් වෙනුවෙන් වන ගෙවීම් කාර්යක්ෂම සහ ථලදායී කළ යුතුයි. මේ කාරණා දෙක මූලිකවම අපි කළ යුතුයි. සමාජ ආරක්ෂණ දැල්, මුල්‍ය ඇතුළත් කිරීම්, බදු ගෙවීම්, බදු කරණය ලිහිල් කිරීම, වරාය ගාස්තු, දේශීය ආදායම් සහ සුරාබදු වැනි සියලුම ක්ෂේත්රවල පතුළටම මෙය ගමන් කරන නිසා ඩිජිටල්කරණයට විශාල කාර්යභාරයක් කළ හැකියි.
අපි මේ ස්ථානයට තමයි ගමන් කරමින් සිටින්නේ. මෙහි තිබෙන ප්‍රධානම දේ තමයි ඩිජිටල් හැඳුනුම්පත. ශ්‍රී ලංකාව මුල්‍ය ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීමට උත්සාහ ගනිමින් සිටින අවස්ථාවක් මේක.ඒ වෙනුවෙන් නව රෙගුලාසි පවා සකස් කරලයි තිබෙන්නේ. මුල්‍ය ක්ෂේත්රයට අදාළ ජාතික තොරතුරු පද්ධතිය ඩිජිටල්කරණය කිරීම තමයි ජයග්‍රහණයට තිබෙන හොඳම මාවත.අපි මේ වනවිටත් යම් තරමක් ප්‍රමාදයි, නමුත් මෙය කිරීමට උත්සාහ කරනවා. මෙය කළායින් පසුව, මෙය ඉතාම වටිනා මෙවලමක් වෙනවා, ඒ වගේම එය සියලුම මුල්‍ය ගනුදෙනු සඳහා සම්බන්ධ වෙනවා.
මුල්‍ය ඇතුළත් කිරීම්, මුල්‍ය සාක්ෂරතාව සහ කාර්යක්ෂමතාවට එය ඉතාම වැදගත් වේවි. ඒ වගේම, කාර්යක්ෂමතාව සහ ථලදායීතාවටත් මෙය ඉතාම වැදගත් වෙනවා. මම හිතන්නේ අනිත් වැදගත්ම පැත්ත තමයි මහ බැංකුවේ ඩිජිටල් මුදල් ඒකකය. අපි තවමත් එතනට ඇවිල්ලා නැහැ, නමුත් අපි ඒ පිළිබඳව ඉතාම පරිස්සමෙන් ක්‍රියා කරනවා. මේ නිසා තමයි මම හිතන්නේ, මෙය තමයි අපිට ජයග්‍රහණයට තිබෙන හොඳම මාවත කියලා.” යනුවෙන්.

