YouTube, Facebook නියාමනයට නව පනතක්

YouTube, Facebook ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව තිබෙනවා.
ඊයේ (06) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්රවෘත්ති අධ්යක්ෂවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී ද ජනාධිපතිවරයා මේ බව කියා ඇත.
මෙරට පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා නීති පැවතිය ද සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් මෙරට තුළ නොමැති බැවින් නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් සඳහන් කළේ.
එම හේතුවෙන් සිංගපූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනත තමන් ගෙන්වා ගත් බවත් එය අධ්‍යනය කර ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයේ නීති රාමුවක් සකස් කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පවසා තිබුණා.

