18 වංගුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ගමනා ගමනයට බාධා

18 වංගුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ගමනා ගමනයට බාධා

මධ්‍යම පළාතට මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර – මහියංගනය 18 වංගුව මාර්ගයේ 14 සහ 15 වංගු අතර ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මේ වනවිටත් එක් මංතීරුවක් අවහිර වී ඇති අතර, එහි පස් ඉවත්කරමින් පවතින බවයි.

එමෙන්ම රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේ තවදුරටත් පස් කඳු කඩාවැටීමේ අවදානමක් පවතින හෙයින් සැළකිළිමත්ව රිය ධාවනය කරන ලෙසයි.

COMMENTS