ගොවීන්ට ඩීසල් වාසියක්

චීන රජය විසින් මෙරටට ලබාදුන් ඩීසල් තොග, වී ගොවීන් සඳහා නොමිලයේ බෙදාහැරීමේ කටයුතු අද (09) සිට සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
මෙරට කෘෂි කර්මාන්තය සහ ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාව වෙනුවෙන් චීනය විසින් ඩීසල් ලීටර් මිලියන 10.06 ක තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබුණා.
ඒ අනුව වී වගා කරන ගොවීන් වෙත නොමිලේ බෙදාහැරීමේ කටයුතු අද සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර ඉන්ධන තොගය විශේෂ වවුචරයක් මඟින් ඔන්ලයින් ක්‍රමයට ලබාදිමට සැලසුම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ.
එකි වවුචර පත නිල වශයෙන් නිකුත් කිරීම අද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
ඒ අනුව අස්වනු නෙළීමේ කටයුතු වෙනුවෙන් හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර් 15ක් හා හෙක්ටෙයාර් 02ක් සඳහා ඩීසල් ලීටර් 30ක් වශයෙන් එම ඉන්ධන ගොවීන් වෙත ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

