මොණරාගල SSP ගංජත් එක්ක මාට්ටු

ගංජා පැළ තොගයක් සමග මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් විසිනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ගංජා පැළ 350 ක් ඔහු සන්තකයේ තිබී ඇති බවයි.
ඒ පිළිබඳ සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් පිටත්ව ගොස් ඇතැයි ද පොලිසීය සඳහන් කළේ ය.

