හම්බන්තොට උණුසුම්වෙයි – අහසටත් වෙඩි

හම්බන්තොට, ශ්රී ලංකා වෙරළාරක්ෂක ස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇති බව ශ්රී ලංකා නාවික හමුදාව පවසනවා.
පොලිසිය පවසන්නේ, හම්බන්තොට මුහුදු ප්රදේශයේ දී බෝට්ටු දෙකක් අනතුරට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්රී ලංකා වෙරළාරක්ෂක නිලධාරීන් සහ ප්රදේශයේ ධීවරයින් අතර බහින්බස්වීමක් ඇති වූ බවයි.
බහින්බස් වීම දුරදිග යෑම නිසා එම තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව අහසට වෙඩි තබා තිබෙනවා.

