හිම මත සම කළ වාර්තාව

ඇමරිකානු කාන්තා ස්කීං තරුව Mikaela Shiffrin සිය වෘත්තීය දිවියේ 82 වැනි ජයග්‍රහණයත් සමඟ ලෝක කුසලාන හිම මත ලිස්සා යාමේ ජයග්‍රහණ සඳහා වූ කාන්තා වාර්තාව සම කිරීමට පසුගිය දා සමත් වී තිබෙනවා. ඒ ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ස්කීං තරඟාවලියේ සිය 8 වැනි ජයග්‍රහණයත් හිමි කර ගනිමිනි.
ඇය හිම මත ලිස්සා යාමේ තරඟ ආරම්භ කර ඇත්තේ 2012 වසරේ ස්වීඩනයේ හිදීය. මීට දශකයකට පෙර Mikael ඇගේ පළමු ලෝක කුසලානය දිනා ගත්තේ වයස අවුරුදු 17 දී ය. වසර 10 කට පසුව, ඇය තවමත් ජයග්‍රහණය කරයි. ජයග්‍රහණ 82ක් සමඟින්, ඇය නිල වශයෙන් Lindsey Vonn ගේ වැඩිම ලෝක කුසලාන ජයග්‍රහණ සඳහා වූ වාර්තාව ද සම කර ඇත.
27ත් හැවිරිදි Mikaela ඉරිදා පැවති තරඟයේදී 1:52:53ක ඒකාබද්ධ කාලයක් වාර්තා කරමින් මෙම තරග වාරයේ සිය 8 වැනි ජයග්‍රහණයට හිමිකම් කීවාය.


