විදුලි ගාස්තු ඉහළ දැමීම අනිවාර්යයි – සංශෝධනයටත් ඉඩ

විදුලි ගාස්තු ඉහළ දැමීම අනිවාර්යයි – සංශෝධනයටත් ඉඩ

රට තුළ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීම සඳහා දැනට පවතින විදුලි ගාස්තු සංශෝධනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවට, අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විදුලි පාරිභෝගිකයන් වෙත සිදු වන බලපෑම හැකිතාක් දුරට අවම කර ගනිමින්, නව සංශෝධනය ක්‍රියාත්මක කිරීමටයි, තීරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර, කිසියම් සංශෝධනයක් ඉදිරිපත් කරන්නේනම්, එය පෙරබරවාරි මස 15 වැනි දින හෝ ඊට ‍පෙර ඉදිරිපත් කළ යුතුයි.

එතෙක්, විදුලිබල කර්මාන්තය සම්බන්ධයෙන් දැනට බලාත්මක පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනයට අනුව 2023 ජනවාරි පළමු වැනි දින සිට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කෙරෙනවා.

මේ අතර විදුලි බිල සංශෝධනයට අදාළ යෝජනාවට තමාට ලැබුණේ ඊයේ (9) දිනයේදී බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.

අද (10) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

අපිට කැබිනට් මණ්ඩලය ඊයේ ගත්ත තීරණය, ඒ කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව සහ ගාස්තු සංශෝධනය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අදාළ පාර්ශවයන් සමඟ විමසමින් කිසියම් සංශෝධනයක් විය යුතු නම් එය පෙබරවාරි 15ට කලින් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒ ගැන අපිට ගැටලුවක් නෑ. අපිට ප්‍රශ්නේ තියන්නේ අපිට මේ යෝජනාව ලැබුණේ ඊයේ. මේ ක්‍රමවේදය කරගෙන යනකොට මේකට සාමාන්‍යයෙන් දවස් 45ක – 50ක කාලයක් යනවා. ඒ ක්‍රමවේදය අනුව ගත යුතු ක්‍රියාමාර්ග අපි දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ.

හැබැයි අපි කැබිනට් පත්‍රිකාවේ දෙවන ඡේදයේ තියෙනවා මේ මාර්ගෝපදේශයන්ට අනුව මේ සංශෝධනය අන්තර් කාලීන පියවරක් වශයෙන් 2023 ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බල මණ්ඩලය යෝජිත විදියට කරන්න ඕනේ කියලා. අතීතයට බලපාන විදියට විදුලි බිල සංශෝධනය කරන ක්‍රමවේදයක් නෑ. ඒ වගේ ම අන්තර්කාලීන විදුලි බිල සංශෝධනයක් කිරීමේ හැකියාවකුත් නෑ. පනත අනුව. ඒ අනුව අපි කරන්නේ ඊයේ ලැබුණ යෝජනාව අනුව මේ අවුරුද්දට තියෙන විදුලි ඉල්ලුම හා එය සපයා ගන්නේ කුමන ආකාරයෙන් කියන එක අනුව ඉදිරියේදී එවලා තියෙන යෝජනාව අපි සැලකිල්ලට භාජනය කරනවා.” යනුවෙන්